Gossips

හෙරොයින් සමග 5 දෙනෙකු දැලේ

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් ජා-ඇල පොලිස් වසම තුළ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සමග පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජා-ඇල – කළුපාලම , කණුවන දුම්රිය හරස් මාර්ගය සහ ජා-ඇල – මිනුවන්ගොඩ මාර්ගයේදී සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 17 කට වැඩි ප්‍රමාණයක් ද සොයා ගැණුනා.
මේ අතර, කොම්පඤ්ඤවීථිය – වෑකන්ද මාර්ගයේදී සහ අලූත්කඬේ – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 25 කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.