Gossips

හෙරොයින් සමග එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අල්ලයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉරෝෂන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ ඊසි කෑෂ් ක්‍රමයට අනුරාධපුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතවන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි.
27 හැවිරිදි සැකකරු විජයපුර – භාතිය මාවතේ පදිංචිකරුවෙකු වන අතර, පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 17ක්.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දැනට වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටින එස්.එෆ්. ලොක්කා සමඟ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරතව සිටි බවටද අනාවරණ කර ගැනීමට හැකි වූ බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.