හම්බන්තොට සහ අම්බලන්තොට යන ප්රදේශවලට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක නිරතවු සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිජ්ජවිල ප්රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සිට සැකකරු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
හම්බන්තොට සහ අම්බලන්තොට යන ප්රදේශවලට මත් කුඩු බෙදා හැරීමට සම්බන්ධ ප්රධාන ජාවාරම්කරු වන මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වු අවස්ථාවේදී හෙරොයින් පැකට් 25 ක් ද සොයා ගැකුනා.
උපාය දූතයෙකු යොදවා වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී මත් කුඩු මිලදී ගැනීමට පැමිණි තැරැව්කරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙලිගාල්ගොඩ සහ පුහුල්යාය ප්රදේශවල පදිංචි අවුරුදු 25 සහ 26 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාරදී තිබෙනවා.