හෙරොයින් පැකට් 332 ක් සමග හපුතලේ විහාරගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා මේ මස 26 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිිරිමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා නිියෝග කළා.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී හෙරොයින්වලට අමතරව කේරළ ගංජා මිලිග්‍රෑම් 401ක් සහ ගංජා මිශ්‍ර බාබුල් ග්‍රෑම් 174යි මිලිග්‍රෑම් 53ක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ලොරියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 379 ක්.
