Gossips

හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයකදී පොලීසිය සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ මෙම මෙහෙයුම්වලදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 129 යි මිලිග්‍රෑම් 750 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පොලීසියට ලද තොරතුරු මත සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ත් 50 ත් වයස්වල පසුවන්නන්.
මීගමුව, බුලත්සිංහල, මට්ටක්කුලිය සහ මෝදර යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව සඳහන්.