Gossips

හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු හුණුපිටියේදී අල්ලයි

හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ – හුණුපිටිය දුම්රිය හරස් මාර්ගය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා, පෑලියගොඩ සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවටයි මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
වයස අවුරුදු 27 ක් වන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.