හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා දින 7 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුනේ මෙරටදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය සමගයි.
පොලීසිය සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයෙන් සොයා ගැනුණු හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 278ක් බවයි.
එම හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 3336 ක් බවට හෙළිවී තිබෙනවා.
දෙහිවල කවුඩාන පාරේ පිහිටි නිවසක් තුළ මෙම හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ මෙරට හෙරොයින් බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානය මෙය වන බවයි.
අදාළ නිවස පරීක්ෂා කිරීම්වලදී හෙරොයින් තොගයට අමතරව රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5ක් ද සොයා ගත්තා.
අවුරුදු 30ක් පමණ වයසැති මෙම බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා අදාළ නිවස කුලියට ගෙන කාලයක් එහි රැඳී සිට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මීට සති කිහිපයකට පෙර මෙම නිවස සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබූ අතර, සිදුකළ දීර්ඝ නිරීක්ෂණයකින් අනතුරුවයි ඊයේ නිවස වටලනු ලැබුවේ.
එහිදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා මෙහි සිට දිවයිනේ විවිධ ස්ථාන වෙත මත්කුඩු බෙදා හැර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.