Gossips

හෙරොයින් තොගයේ මහ මොළකරුවන්, සී – ෂෙල්ස් සහ බංග්ලාදේශයෙන්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පාකිස්ථානයෙන් ගෙන්වා ඇති නමුත් එහි මහ මොළකරුවන් සී – ෂෙල්ස් සහ බංග්ලාදේශයේ සිටින බවට අනාවරණ වී තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් අදාළ රටවල් වෙත ජාත්‍යන්තර පොලීසිය හරහා දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙරට බෙදා හැරීම සඳහා ගෙන්වූ මෙම හෙරොයින් තොගයෙන් කොටසක් තවත් රටවල් කිහිපයකට යැවීමට කටයුතු කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය පසුගිය බදාදා රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.