හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් දික්වැල්ල – දොඩම්පහල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 50කට අධික බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම කාන්තාව මීට පෙර ද හෙරොයින් ජාවාරමේ යෙදීම හේතුවෙන් සිරගතව සිට ඇති බව ද සඳහන්.
ඡායාරූප – මාතර, අදීශ ආරියතිලක
