ග්‍රෑන්ඩ්පාස් සහ මාළිගාවත්ත ප්‍රදේශවලදී හෙරොයින් ජාවාරමේ නිරතවූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 740ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඇය සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 340 ක් සහ රුපියල් දෙලක්ෂ හතළිස් දහසක මුදලක්ද සොයාගනු ලැබුවා.
