හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් ඇතුලූ පුද්ගලයින් 06 දෙනෙකු අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර – යාපනය මංසන්ධිය ආසන්නයේ ඇති පාසලක් ඉදිරිපිට නිවසක සිටියදී ඊයේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඔවුන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 07 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි කාන්තාව මීට පෙරද හෙරොයින් ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇති බව සඳහන්.
