Gossips

හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට වැල්ලවත්තේදී පොලිසියෙන් වෙඩි

වැල්ලවත්ත – චාර්ලිමන්ට් පාර ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරමේ නිරත වූ පිරිසකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊයේ (31) රාත්‍රී 11.40ට පමණ මෝටර් රථයකින් පැමිණි මෙම ජාවාරම්කරුවන් පිරිස වැල්ලවත්තේ හෝටලයක් ඉදිරිපිට රැදී සිටියදී පොලීසියට ලද තොරතුරක් මත නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස පළා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෝටර් රථය තුළ සිටි ප්‍රධාන ජාවාරම්කරු සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර, ඔහු පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, මෝටර් රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.