හෙරොයින් ග්‍රෑම් 20.28 ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.
පසුගිය 2013 වසරේ ජනවාරි 23 වනදා කොළඹ හෝටන් පෙදෙසේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදියි.
ඔවුන් මාළිගාකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඔවුන්ට අද මරණ දඬුවම නියම කළේ.