Gossips

හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ පුද්ගලයෙකු තලංගම දී අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තලංගම පොලිස් වසරේ රොබට් ගුණවර්ධන මාවතේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇති අතර, සැකකරු 39 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දින 7ක් රදවාගෙන ප්‍රශ්න කරන ලෙසටයි කොළඹ අපරාධ කොට්ඨාශයට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.