කොළඹ සිට කටුනායකට ප්රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්රෑම් 100ක් සමඟ සැකකරුවෙකු කටුනායක පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව දාගොන්න ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සතුව තිබු හෙරොයින් ප්රමාණයේ වටිනාකම ලක්ෂ 10ක් පමණ වන බවයි පොලිසිය ප්රකාශ කර ඇත්තේ.
ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ගෙන් සැකකරු හෙරොයින් මිලදී ගෙන ඇතැයි පොලීසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
හෙරොයින් ප්රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ රියැදුරා ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.