රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සේරුවාවිල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඒ ඔවුන් අද මුතූර් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ හෙරොයින් තොගය සමගින් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ සේරුවාවිල – මාවඩිච්චේන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.
