හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක තොගයක් සමඟ, දැනට බන්ධනාගාර ගත කර සිටින වෙලේ සුදාගේ ගෝලයෙකු පිලියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට අධික බව සඳහන්.
ඊයේ (14) මොහුගේ නිවස පරීක්ෂා කළ පොලිීසිය එහි සඟවා තිබී මෙම හෙරොයින් තොගය සහ දේශීය නිෂ්පාදිත රිවෝල්වරයක්, රිපීටරයක් සහ උණ්ඩ 16ක් ද සොයා ගනු ලැබුවා.
35 හැවිරිදි මෙම සැකකරු කලක සිට හෙරොයින් බෙදා හැරීමේ නිරතව සිටි ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
