Gossips

හෙද වර්ජනය 8 ට අවසන්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද උදෑසන 8 ට අවසන් වනවා.
පෙරේදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලූ රෝහල් කිහිපයකම දෛනික සායනවලට බාධා එල්ලවුණා.
හෙද සේවයට බලපාන ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාලන අධිකාරිය විසදුම් ලබාදීමට අපොහොසත් වීම ඇතුලූ ඉල්ලීම් 8 ක් මුල් කරගනිමිනුයි
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවුණේ.