Gossips

හෙද වර්ජනය හෙටත්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දියත් කළ දෙදින වර්ජනය දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල්වල මේ වනවිටත් ක්‍රියාත්මකයි.
අද උදෑසන 7 ට අසනීප නිවාඩු වාර්තා කර ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, මේ හේතුවෙන් රෝහල්වල ඇතැම් කටයුතුවලට බාධා එල්ලවී තිබුණා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ හෙද සේවාවේ පවතින ගැටළුවලට වහාම විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකළහොත් ඉදිරියේදී දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් උතුර පළාතේ මෙන්ම වතුකරයේ රෝහල්වල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුණේ නැහැ.