Gossips

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සංකේත වර්ජනයක- සංවර්ධන නිලධාරීනුත් ලෙඩ වෙයි

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද උදෑසන 07 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වනවා.
උසස්වීම් සහ වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් හෙට උදෑසන 08 දක්වා ක්‍රියාත්මක මෙම වර්ජනය සඳහා වෘත්තීය සමිති 16ක් එක්ව සිටින බවයි එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ.
මේ අතර, සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ඉල්ලා දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.