Gossips

හෙට සිට සුළං වේගය ඉහළ යාමේ අවදානමක්

හෙට රාත්‍රියේ සිට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මෙලෙස සුළෙඟ් වේගය ඉහළ යා හැකියි.
ඒ පිලිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, ඌව, පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.