Gossips

හෙට සිට ශ්‍රී ලංකාවට ඍජුවම හිරු මුදුන් වෙයි

හෙට සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට දහවල් 12.12 ට අලූත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.
මේ අතර හෙට සිට දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.