Gossips

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (24) දින සිට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුනු කොට අද (23) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.