Gossips

හෙට සිට වැසි වැඩිවෙයි

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල පෙරවරු කාලයේදී වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.