හෙට (05) සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි.
ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට වැඩි වශයෙන් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන අතර, හම්බන්තොට, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ද තද වැසි පැවතිය හැකියි.
