Gossips

හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ මඩලකපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත් 80 ත් අතර තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.