Gossips

හෙට සිට යළි වැසි වැඩිවෙයි

පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.