Gossips

හෙට සිට පළාත් කිහිපයකට වැසි වැඩිවේ

හෙට සිට 11 වන දා දක්වා දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.