Gossips

හෙට සිට දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් ම නතරවෙන ප්‍රදේශය

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් ම නැවත්වීමට වෙළෙද සැල් හිමියන් ගත් තීරණයක් පිළිබඳව අපට වාර්තා වූවා.
මෙලෙස දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම නතර කිරීමට සම්මුතියකට එළඹ ඇත්තේ වවුනියාව දකුණු සිංහල කොටස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේයි.
අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරාධිපති හිමිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් ස්ථානාධිපතිවරුන් හා සියළුම වෙළෙද සැල් හිමියන් විසින් පවත්වන ලද සාකච්ඡා කීපයකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අත්හදා බැලීමේ පියවරක් වශයෙන් පෙබරවාරි මස 20 වෙනිදා සිට එම ප්‍රදේශ වල බීඩි.දුම්වැටි.දුම්කොළ හා දුම්කොළ ඇතුළත් සියළුම දෑ අලෙවි කිරීමෙන් වැළකී සිටීමටද වෙළෙද සැල් හිමියෝ එකග වී තිබෙනවා.
වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙළෙද සැල් හිමියන් මින් ඉදිරියට එම ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී සිටින අතර බීඩි.සිගරට්,දුම්කොළ තොග සපයන ආයතන හා ව්‍යාපාරිකයින්ට මින් ඉදිරියට තම වෙළෙද සැල් වලට එම ද්‍රව්‍ය සැපයීමෙන් වැළකී සිටින ලෙසද වෙළෙද සැල් හිමියන් දැණුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර වෙනත් ස්ථාන වලින් එම ද්‍රව්‍ය මිලට ගෙනැවිත් වෙළෙද සැල් ඉදිරිපිට භාවිත කරණු ලබන පිරිසට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගැනීමටද නියමිතයි.