Gossips

හෙට සිට දින 3ක් ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්

හෙට සිට ලබන 16 වන දින දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, හෙට දිනයේ උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම, හම්බන්තොට, මොනරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ද බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.
වැඩබිම් තුළ වෙසෙන පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල හැකිපමණ විවේක ගන්නා ලෙස මෙන්ම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිදව ද සැලකිලිමත්භාවයකින් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, කුඩා ළමයින් වාහන තුළ තනියම රදවා නොයන ලෙස මෙන්ම, අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.