හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් ඌව පළාතේ මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතිනවා.
මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.
