Gossips

හෙට සිට ඉරිදා දිනවලත් විවෘත වන ග්‍රහලෝකාගාරය

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (04) සිට සෑම ඉරිදා දිනකම විවෘතව තැබීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පාසල් සිසුන් තුළ මෙන්ම සමාජය තුළ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමත්, එහි නව මානයන් සහ දැනුම ගවේෂණය සදහා උනන්දුවක් ඇති කිරීමත් මෙහි අරමුණයි.
හෙට උදෑසන දර්ශනය සමඟ මෙරට සිටින තාරකා විද්‍යාව පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න විසින් සිදුකරනු ලබන විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතයි.