Gossips

හෙට සිට අඩුවන වැසි

පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (05) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (04) රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම දකුණු පළාතේ සහ රත්නපුර මෙන්ම කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.