Gossips

හෙට සහ අනිද්දා පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

හෙට (17) සහ අනිද්දා (18) දිනවලදී විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (16) දිනයේදී සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව දැනුම් දෙනවා.