Gossips

හෙට ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

හෙට (02) ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම හේතුවෙන්.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ශෝක දිනය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් ආගමික නායකයන්, මහජන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.
ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
අද ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පැමිණියා.