Gossips

හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා.
දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේ බදවා ගැනීමේ පටිපාටිය උල්ලංගණය කරමින් වයස අවුරුදු 45 ඉක්ම වූ දුම්රිය සේවකයින් 12 දෙනෙකු රියදුරන් ලෙස බදවා ගැනීමට එරෙහිව එම වර්ජනය දියත් කරන බවයි.