Gossips

හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේදී එකඟතාවයක්

හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සඳහා මොහාන් ද සිල්වා ලේකම් ධුරයටත්, රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයටත්, ශම්මි ද සිල්වා සභාපති ධුරයටත් තරඟ කිරීමට අධිකරණයේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ නිලවරණය සඳහා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු දීපාලි විෙජ්සුන්දර සහ අර්ජුන ඔබේසේකර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
කෙසේ වෙතත්, මෙම නඩුව ලබන මස 21 වනදා යලි කැදවනු ඇති.