Gossips

හෙට පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට සීමා

පාර්ලිමේන්තුව අවට හෙට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොල්දූව මංසන්ධිය අවට මාර්ග කිහිපයක හෙට දහවල් 12 සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.