Gossips

හෙට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව

නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨත්වය අනුව හෙට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ, කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි ආණ්ඩු පක්ෂයේ 7 වන අසුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත වෙන් කර ඇති අතර,
කථානායකවරයාගේ වම් පස පිහිටි විපක්ෂයේ නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ කථානායකවරයාගේ දකුණු පස ආණ්ඩු පාර්ශාවයේ නියෝජනය එක්සත් ජාතික පක්ෂයට ද වෙන් කර දී තිබෙනවා.