Gossips

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවලයි.
හෙට මධ්‍යම රාත්‍රී 12 සිට එම ජල කප්පාදුව ඉරිදා පස්වරු 6 දක්වා ක්‍රියාත්මක වනු ඇති.