Gossips

හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක්

පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
ආදාහන උත්සවය හෙට පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
නාහිමියන්ගේ දේහය රැගත් පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයෙන් පස්වරු 1 ට පිටත් වී හොරණ කොළඹ මාර්ගයේ රත්තනපිටිය හංදියට පැමිණ විශ්ව විද්‍යාල මාවත ඔස්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පරිශ්‍රයට පිවිසීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර අදාළ කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.