Gossips

හෙට කොළඹට ජල කප්පාදුවක්

මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රි 09 සිට පසුදින පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව කොළඹ 01, 13, 14 සහ පිටකොටුව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.