Gossips

හෙට ක්‍රියාත්මක කරන බව කියූ ගුරු-විදුහල්පති වර්ජනය ගැන අවසන් තීරණය මෙන්න

හෙට ක්‍රියාත්මක කරන බව කියූ ගුරු-විදුහල්පති වර්ජනය ගැන අවසන් තීරණය මෙන්න
ගුරු – විදුහල්පති වර්ජනය ස්ථීරයි
සැලසුම් කළ පරිදි සිය වර්ජනය හෙට දිනයේ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, මෙම වර්ජනය අධ්‍යාපන ක්ෂේත්‍රය බිද දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
එම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ හෙට දිනයේදී කිසිදු පාසලක් වසා නොතැබෙන බවයි.
සියලූ පාසල් සිසුන් හා ගුරුවරුන් හෙට දිනයේදී පාසල් වෙත පැමිණිය යුතු බව ද ඔහු කියා සිටියා.