Gossips

හෙටින් පසු සුළං තත්ත්වයේ අඩුවීමක්

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය හෙට දිනයෙන් පසු අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දින කිහිපය තුළම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට තද සුළං ඇති වූ අතර ඒ හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවුණා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි ඇති වුවත් සුළං තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.