Gossips

හෙටින් පසු කාලගුණයේ වෙනසක්

හෙට දිනයෙන් පසු පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, බස්නාහිර, වයඹ, ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අද දිනයේත් වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.5ත්, 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බව ද ඔවුන් කියා සිටියා.
මේ අතර, මාවරල – මාකඳුර ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් ඊයේ රාත්‍රියේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී නිවැසියන් කිසිවෙකු එහි සිට නොමැති බවටයි වාර්තා වන්නේ.