පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇති බවයි.
හෙට්ටිවීථිය ප්‍රදේශයේ පළතුරු අලෙවිසැළක් මොහු විසින් පවත්වාගෙන යන අතර, අද (08) උදෑසන 7.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකොට පලා ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 ක් වයසැති කිරුබානන්දන් විෂ්ණුපුල්ලේ නැමැත්තෙකු බවයි.
