Gossips

හෙටත් ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක්

වයඹ සහ බස්නාහිර පළාත්වලත් මන්නාරම, වවුනියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කොට එදිනෙදා වැඩ කටයුතු සිදුකරන ලෙසයි.
අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එම නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.