Gossips

හෙක්ටයාර් ලක්ෂ 5 ක කුඹුරුවලට පොහොර සැපයුම අප්‍රේල් සිට

මේ වසර සඳහා මෙරට වී වගා කිරීමට අපේක්ෂිත හෙක්ටයාර ලක්ෂ 5 ක කුඹුරු ප්‍රමාණයක් සඳහා පොහොර සැපයීම අප්‍රේල් මස සිට සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
අදාළ කාලසීමාව තුළ පොහොර ආනයනය කර බෙදාහැරීම දුෂ්කර වන හෙයින් කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් තරගකාරී මිල ගණන් කැඳවා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගනිමින් පොහොර සපයා ගැනීමට අපේක්ෂිතයි.