මහනුවර – පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දියනෑමට ගොස් දියේ ගිලූණු 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
තවත් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව සිටිනවා.
මියගොස් ඇත්තේ තරුණියන් තුන්දෙනෙකු සහ තරුණයෙක්.
මෙම පිරිස විනෝද චාරිකාවකට එක්ව සිටි කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක්.
Update : Saturday, 07 April 2018 – 16.44
———————————————————-
හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට – දෙදෙනෙක් අතුරුදන්
මහනුවර පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුදන්වුවන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
