Gossips

හුළු ගඟට බිලිවූ පස් දෙනාගේ සිරුරු ඥාතීන් වෙත භාරදෙයි

විනෝද චාරිකාවක් අතරතුර මහනුවර – පන්විල හුළු ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත් 05 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) පෙවරුවේ සිදුකර මෘත ශරීර ඥාතීන් වෙත භාරදුන්නා.
මියගිය පස්දෙනාම වයස අවුරුදු 23 ත් 30 ත් අතර පසුවන අවිවාහකයින්.
හංවැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් ගිය අතරවාරයේ හුළු ගඟේ අතු ගංඟාවක් වන දළු ඔයේ දිය නෑමට ගොස් මෙම අනතුර සිදුවුණේ ඊයේ (07) පස්වරුවේයි.
මියගිය පස් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙවරුවේ සිදුකෙරුණේ මහනුවර මහ රෝහලේදීයි.